සිසුට ගුටි දුන් හිමිනම අත්අඩංගුවේ.

වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු දණ ගස්සවා එම පාසලේ ගුරු හිමිනමක් විසින් රීප්පයකින් පහර දී ඇති බව වාර්තා වේ.  

 සිද්ධියට අදාළ ගුරු හිමිනම වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගුරු හිමනම අප්‍රේල් 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ බව සඳහන්.

පහර කෑමට ලක් වූ සිසුවා තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහුව වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

Exit mobile version