හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කරන්න ප්‍රමාණවත් පහසුකම් නෑ.

ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවත් , අලිඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත ස්ථාන පිහිටුවීමට බලධාරීන් පියවර ගත යුතු බවත් හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ තිබෙන රෝහලේ උපකරණ හැර වෙනත් විශේෂිත ස්ථානයක් අලි ඇතුන්ගේ ප්‍රතිකාර සඳහා මෙරට නොමැති බවත් ඔවුන් සඳහන් කර තිබේ.

Exit mobile version