පරිවාස දෙපාර්තමෙින්තුව අධීක්ෂණය යටතේ ඇති බිබිල, ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි, එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව බිබිල පොලීසියට පැමිණිලිකර ඇති බව වාර්තා වේ .
මෙම දැරියන් දෙපල එම ප්‍රදේශයේ පාසැලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, ඔවුන් පාසල් බෑග් පන්තිකාමරයේ දමා පාසලෙන් පිටවගොස් ඇති බවට විදුහල්පතිවරයා විසින් මෙම ළමා නිවාසයේ සහකාර පාලිකාවට දැනුම්දිමෙන් පසු, ඔවුන් ළමා නිවාසයටද නොපැමිණිම නිසා, එම සහකාර මේට්‍රන්වරිය මෙි පිළිබඳව බිබිල පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් .
16 හැවිරිදි මෙම දැරියන් දෙපල පිළිබඳව මෙතෙක් හොඩුවාවක් ලැබී නොමැති අතර එම දැරියන් පිළිබදව සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව බිබිල පොලීසියේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරන ලදී .
