මේ දිනවල මී උණ පැතිරීමේ අවධදානමක්.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවත් ,  ජලය අවම ස්ථානවල ස්නානය කිරීම මඟින් සමේ රෝග සහ පාචනය ඇති වීමේ අවදානමක් ද මතුව ඇති බවත් ය.  

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරන්නේ  පානීය ජලය විකිණීමේ ස්ථාන පිළිබඳ දැඩි විමසිල්ලකින් කටයුතු කරන බවත් , වෙනත් ක්‍රමවලින් ලබාගන්නා ජලය පානය කරනවා නම්, උතුරුවා නිවා ගත් ජලයම පානය කරන ලෙසත් ය.

Exit mobile version