වාර්ෂික බස් ගාස්තු සංශෝදනයක් නෑ. – ගැමුණු විජේරත්න.

මෙම වර්ෂය සඳහා වාර්ෂික බස් ගාස්තු සංශෝදනයක් අවශ්‍ය නොවන බවත් , සංශෝදනයකින් තොරව දැනට පවතින බස් ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම තීරණය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන මණ්ඩලයට ද දැනුම් දී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

Exit mobile version