මෙවර කතරගම පෙරහැරට ‘වාසනා’ නෑ.

කතරගම දේවාලයට අයත් වාසනා හස්තියා මෙවර ඇසළ මංගල්‍යයට සහභාගි වී නොමැති බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ ඇතුන්ට වැළදෙන මද කිපීම නම් වූ රෝගී තත්ත්වය මුල් කොටගෙන මාස 03කට අධික කාලයක් වාසනා හස්තියා ගස් බැද තැබීමයි.

ඊයේ (29) සුභ නැකතින් වාසනා හස්තියා බැද සිටි ගසෙන් ලිහා චාරිත්‍රානුකූල ලෙස චාරිත්‍ර ඉටු කර ඇති බව සදහන්.

Exit mobile version