අතුරුදන් වූ මව සහ දියණියට කරදරයක් නෑ.

පසුගිය 17 වන දින සිට අතුරුදන් වූ බව කියන 22 හැවිරිදි මව සහ අවුරුදු එකයි මාස හතක් වයසැති දියණිය අවිස්සාවේල්ල , ගලබලන කන්ද , මාණික්කාව ප්‍රදේශයේ ඇයගේ ඥාති නිවසක සිටියදී සොයා ගත් බව අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කළ බව වාර්තා වේ .

තම සැමියා බීමත්ව පැමිණ සිදුකරන කරදර හේතුවෙන් රෝහල වෙත යන බව පවසමින් කිසි අයෙකුටත් නොදන්වා තමාගේ ඥාති නිවසකට පැමිණි බව අදාළ තරුණිය ප්‍රකාශ කර තිබේ .

මෙම තරුණියගේ සැමියා ඊයේ (24) වස පානය කර ඔහු මේ වන විට රිකිල්ලගස්කඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ .

Exit mobile version