“ජාතිය රට ගොඩනැගීමේ කාර්යය අවංකව,නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේත් ,ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබා ගැනීමේ වරදක් නැතැයි” කැබිනට් ප්‍රකාශක ,ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ,ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර නැති වුවත් මේ අවස්ථාවේදී සියලු දෙනාගේම ප්‍රධාන අභියෝගාත්මක කාර්යය විය යුත්තේ රට ගොඩනැගීම බවත් ,ඒ සම්බන්ධයෙන් තමන්ගේ කාර්යය පටිපාටිය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාදයක් දිනාගෙන තිබේ .
එබැවින් රටට හොදක් වන දෙයක් ගැන බලාපොරොත්තුවක් තබාගැනීමේ වරදක් නැතැයි හෙතෙම ප්‍රකාශ කළේය.
