එකට කා බී පහරදී මරලා.

අගලවත්ත මහගම මුදුන ග්‍රාම නිලධාරි වසමේ නිවසක් තුළ බීමත්ව ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ මහගම මුදුන ග්‍රාම නිලධාරි වසමේ පදිංචි සුදුහකුරුගේ නිශාන්ත නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තුවාල කරු පිඹුර රෝහල වෙත ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්  සිටියදී මියගොස් ඇති බව සදහන්.

මෙම මරණකරු කාලයක් තිස්සේ පහරදීමට අදාල පුද්ගලයාගේ නිවසේ වාසය කළ මිතුරෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 සැකකරු තම 12 හැවිරිදි පුත්‍රයා සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version