ගැටුම් බේරන්න ගිය පොලිසියට පහර දීලා.

අම්පාර ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් විසඳීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදුකළ පුද්ගලයින් දෙදෙනකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු යුධ හමුදා සෙබළකු බව පැවසූවත් ඔහු සතුව කිසිදු ලියකියවිල්ලක් නොමැති බව සඳහන්.

අධික ලෙස බීමත්ව සිටි මෙම පුද්ගලයින්ගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version