ජපන් රැකියා දෙන බව කියා කතක් මුදල් වංචා කරලා.

ජපානයේ ඕසකා නුවර කර්මාන්තශාලාවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව මෙලෙස ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් දසලක්ෂ හැත්තෑ පනස්දහසක මුදලක් ලබා ගෙන ඇති අතර  රැකියා නොදුන් බව කියමින් පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවීරිදි අයෙකි.

අදාළ සැකකාරිය ඊයේ (08) විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර වලංගු බලපත්‍රයක් නොමැතිව මෙලෙස මුදල් ලබා ගෙන ඇති බව ඉන් අනාවරණය වී තිබේ.

Exit mobile version