අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට පැමිණි ක්‍රීඩා විනිසුරුවරියකගේ බෑගයේ තිබී හිස් පතොරම් කොපු තුනක් සොයාගත් පුවතක් වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පිළියන්දල පාසලක ක්‍රීඩා තීරවරියක් ලෙස කටයුතු කරද්දී සංඥාව ලබා දීමට භාවිතා කරන අවියෙන් නිකුත් වූ හිස් පතොරම් ඇය විසින් බෑගයේ දමා ගත් බවත් ඇයට ඒවා අයින් කිරීමට අමතක වීම හේතුවෙන් අරලියගහ මන්දිරයට රැගෙන ආ බවත්ය.
ක්‍රීඩා විනිසුරුවරිය සතුව තිබූ හිස් පතොරම් කොපු එම ක්‍රීඩා උළෙලට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය විසින් අවසර මත ලබා දී තිබූ අවියක ඒවා බවද අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
