මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඝන මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේත් ,හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, අතුරු මාර්ගවලත් ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ධාවනයේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
