ප්‍රා.ලේ.කා සේප්පුව හොරු කඩලා.

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  මුදල් ‍සේප්පුව යතුරෙන්ම  විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැගෙනහිර පැත්තේ ඇතුලත් වන ‍වීදුරු සවිකර ඇති දොර කඩා කාර්යාලයට ඇතුල් වී  ගණකාධිකාරි අංශයේද ජනෙල් කඩා ගෙන එම අංශයටද ඇතුල් වී සේප්පුවට අදාල යතුරෙන්ම සේප්පුව විවෘත කර සේප්පුවේ තිබූ රාජ්‍ය මුදල් රැගෙන ගොස් ඇති බවට පොලීසිය පවසයි.

රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය කොතෙක්ද කියා තවමත් ගණනය කර නොමැති අතර රුපියල් ලක්ෂ 12 හෝ 15 ක් විය හැකි බවට අනුමාන කරන බවද කාර්යාල නිළධාරිහූ පවසති.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ටැබ් පරිගණක යන්ත්‍රයක් රැගෙන යෑමට ගෙන එය දමා ගොස් ඇති බවද සදහන්.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා එක් ආරක්ෂක නිළධාරීයෙක් පමණක් රාජකාරියේ යොදවා තිබූ බවද පොලීසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version