පොලිසියේ බව පවසමින් නිවෙස් වලට පැමිණ කොල්ලකෑමේ යෙදුණු සැකකරුවෙකු ගිරිඋල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි දංකොටුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි.
සැකකරු පොලිසියෙන් බව පවසා සහ ලිපිනයක් විමසන මුවාවෙන් නිවෙස් වලට ඇතුළු වී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සැකකරු ගෙවල් බිදුම් හයක් සහ යතුරුපැදි දෙකක් කොල්ලකෑමේ සිදුවීම්වලටද සම්බන්ධ බවට විමර්ශණ වලින් හෙළිවී තිබේ.
අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හයසීයක්ද පොලිසිය සොයාගෙන ඇති බව සදහන්.
සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.