බාල ටෙක් ගැජට් විකුණන අයට වැඩ වරදී

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ජංගම දුරකථන හා ඒ ආශ්‍රිත උපාංග අලෙවි ස්ථාන පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

 එහිදි ප්‍රමිතියෙන් තොර හා වගකීමක් නොමැති ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත විද්‍යුත් උපාංග අලෙවියේ යෙදුණු වෙළඳ සැල් 20කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

එවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ හේතුවෙන් පාරිභෝගිකයන් අපහාසුතාවට ලක්වන ඕනෑම අවස්ථාවක 1977 යන අංකය අමතා පැමිණිලි කිරීමටද හැකියාව පවතින බව සදහන්.

Exit mobile version