ඉන්දියාවේ සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවයේ සේවකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංඥා අංශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ කාර්මික ශිල්පියෙකු බව සදහන්.
ඔඩ්සා දුම්රිය අනතුර පිළිබඳ විමර්ශණය සිදු කළ දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා පසුගිය සතියේ සංඥා දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ දෝෂ එයට වගකිව යුතු බවට අනාවරණය කරගෙන තිබුණි.
ඒ අනුව ඔවුන් තිදෙනාගේ ක්‍රියාකලාපය අනතුරට තුඩු දෙන බව විමර්ශණයේදී හෙළි වීම හේතුවෙන් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
