හෙරෝයින් සමග ධීවරයින් තුනක් මාට්ටු.

හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් සමසේ බෙදාගෙන විකිණූ ධීවරයන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් දෙසීයක් සහ ජාවාරම් මුදල් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික මුදලක් සොයාගෙන ඇති බව සදහන්.

මිරිස්ස ධීවර වරායේ මාළු දැලක් යට සගවා තිබූ හෙරෝයින් කිලෝ එකේ පැකැට්ටුවක් මෙලෙස බෙදාගෙන විකිණූ බවට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ.

Exit mobile version