අයිස් සමඟ තිදෙනෙක් දැලේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 217 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් වත්තල , කුඩා දණ්ඩාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැදල සහ වත්තල ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 , 32 සහ 36 යන වයස්වල පසුවන්නන් වන අතර මොවුන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව සඳහන් වේ.

Exit mobile version