වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බවට එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබේ
