හපුතලේ ප්‍රදේශයේ පැවති අධික ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු ගැසීමක් හේතුවෙන් ඉන් කම්පනයට පත් කාන්තාවන් තිදෙනෙක් රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස නිවසකට වැදුණු අකුණකින් කම්පනයට පත්ව ඇත්තේ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙක් වන අතර මොවුන් අවුරුදු 17, 21 සහ 42 යන වයස්වල පසුවන්නන් බව සඳහන් කරයි.
