නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මුහුදු කූඩැල්ලන් 1200kg ක් සමග සැකකරුවන් තිදෙනෙකු තමිල්නාඩු පොලිසිය විසින් පසුගියදා (26) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
අත්අඩංගුවට ගත් මෙම වියළි මුහුදු කූඩැල්ලන්ගේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ බවත් සදහන් වේ.
මෙම සැකකරුවන් අතරින් දෙදෙනෙකු තලෙයිමන්නාරමේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා රාමනාත්පුරම් ධීවර වරායේ බෝට්ටුකරුවෙකු බවටත් පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර මොවුන් තමිල්නාඩු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
