ඊයේ (13) ලන්ඩනයේ චිචෙස්ටර් නගරයේ ඩන්ක්ටන් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් යාපනය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විවාහ මංගල උත්සවයක් සඳහා පවුලේ පිරිස මෝටර් රථ දෙකකින් ගමන් කර ඇති අතර එම BMW මෝටර් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.
ජීවිතක්ෂයට පත් වූ අයගේ ඥාති පුත්‍රයෙකු ලන්ඩනයේ පදිංචි වී සිටින අතර ඔහු විසින් මෙම පිරිස හඳුනාගෙන තිබේ.
මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනාය.මොවුන් වසරකට පමණ ඉහත දී යාපනයේ සිට කැනඩාවට ගොස් ඇති අතර විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා මොවුන් මීට දින කිහිපයකට පෙර ලන්ඩනයට ගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූවන් අතරේ සිටින කාන්තාවක් බරපතළ තත්ත්වයෙන් සිටින බවත් ඇය මෝටර රථය පදවා ගිය අය බවත් සඳහන්.
එමෙන්ම ජීවිතක්ෂයට පත් වූ තිදෙනාගේ මළ සිරුරු මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හතක් පමණ වැය වන නිසා ඔවුන්ගේ අවසන් කටයුතු ලන්ඩනයේ දී සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති වග විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
