නිධන් හෑරූ කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට.

නිධානයක් ලබා ගැනීම සඳහා නිවසක් පිටුපස වලක් හාරන බවට ලැබුණු තොරතුරකට අනුව සිඳු කළ වැටලීමකින් සැකකරුවන් තිදෙනෙක් සහ එක් සැකකාරියක් ඇතුළුව නිධන් හෑරීම සඳහා යොදා ගත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙසේ වැටලීම සිඳු කර ඇත්තේ කැකිරාව පොලි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් විසිනි.

කැකිරාව ඉළුකේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස මෙසේ කැණීම් සිඳු කරමින් සිටි බව සඳහන් . එසේම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ඉළුකේගම ප්‍රදේශයේ සහ මාතලේ ඉනාමලුව රොටරි උදානගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අලවංගුවක් , කුළුගෙඩියක් , පාෂාණ විදින යන්ත්‍ර දෙකක් , සෙ.මී.20ක් දිග වෙඩි බෙහෙත් පිරවූ බටයක් , තඹ තහඩු , ජෙනට් නයින් කූරක් ඇතුළු පූජා භාණ්ඩ රාශියක් පොලිස් භාරයට ගත් බව වාර්තා වේ.

සැකකරුවන් අද (25) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Exit mobile version