මිහින්තලාව, තම්මැන්නාව වැවේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 44 සහ 46 වයස්වල පසුවන තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයන් තිදෙනෙකි.
වාර්තා වන ආකාරයට අද (11) සවස හත් දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් තම්මැන්නාව වැවේ මසුන් අල්ලමින් සිටිය දී මොවුන් තිදෙනාට විදුලි සැර වැදී තිබේ.
ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ මෘත දේහයන්, තම්මැන්නාව රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.
