මහනුවර යුගයට අයත් යැයි සැලකෙන පෞරාණික බුදු පිළිමයක් සමග සැකකරුවන් තිදෙනෙකු දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ (14) රාත්‍රීයේ දිවුලපිටිය නගරයේ සිදු කළ හදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් සතුව තිබූ ගමන් මල්ලෙහි බුදු පිළිමය සගවා ගෙන තිබියදී හමු වූ අතර හොරණ ප්‍රදේශයේ නිවසකින් මෙම බුදුපිළිමය සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් සතුව වරායට ඇතුළු වීමට අවශ්‍ය අවසර පත්‍ර තුනක් තිබූ අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
