පොලිසියට වෙට්ටු දැමූ තිදෙනෙක් අත්අඩංගුවට.

පසුගිය මැයි 25 වන දින ඩයගම පොලිසිය විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සිදුකර සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටිය දී ඩයගම – නැගෙනහිරවත්ත තුන්වන කොටසේ දී පොලිස් ජිප් රථයට පහර දී තිබේ. එලෙස පහර දුන් තිදෙනෙකු ඊයේ (09) දින   නුවරඑළිය කොට්ඨාස අපරාධ නිලධාරීන් , පොලිස් නිල සුනඛ ඒකකය සහ ඩයගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා පොලිස් දැහැනින් බේරා ගැනීම සඳහා මෙලෙස ගල් ප්‍රහාර එල්ල කර තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22 ත් 25 ත් අතර පසුවන පුද්ගලයන් බව සඳහන්.

Exit mobile version