පසුගිය 12 වන දින බොරලැස්ගමුව , කටුවාවල මාවතේ නිවසකට ඇතුළු වී නිවසේ සිටි මෙහෙකාරියක් බියවද්දා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (03) බෙල්ලන්තොට හන්දියේදී සහ මහරගම නගරයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මොවුන් සන්තකයේ තිබී කොල්ල කෑ පවුම් 24 ක රන් භාණ්ඩ , ඇමෙරිකානු ඩොලර් 10,400 ක් , රුපියල් 925,000 , විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ හෙරෝයින් ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 600 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලේනා , ඇලා සහ මයික් යන අන්වර්ථ නාම වලින් හදුන්වනු ලබන පුද්ගලයින් වන අතර ඔවුන් හෝටල් හිමිකරුවෙකු , ඇලුමිනියම් වැඩකරුවෙකු සහ රියදුරෙකු වන බව සඳහන් වේ.
මොවුන් උලපනේ සහ මහරගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 31 සහ 43 වයස්වල පසුවන්නන් වන අතර සැකකරුවන් තිදෙනාම අද (04) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම මෙම සැකකරුවන් තිදෙනාගෙන් එක් සැකකරුවකු හට කඩුවෙල අධිකරණයෙන් වි වෘ ත වරෙන්තු තුනක් නිකුත් කර ඇති බව සඳහන්.
