ත්‍රීවීල් – ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මිය යයි.

පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රීවීල් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ත්‍රීවිල් රථයේ ගමන් ගත් පල්ලෙබැද්ද, පුස්සතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මේ පිළිබඳව පැල්මඩුල්ල පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version