පරිප්පුවාට වෙඩි තැබූ තුනක් අධිකරණයට

වැල්ලම්පිටිය ,කොටුවිල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් “පරිප්පුවා” නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

පසුගිය මාර්තු 7 වනදා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු සමග යතුරුපැදියේ පැදිකරු ඉහළ බොම්බිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර වෙඩිතැබීම සදහා භාවිත කළ යතුරුපැදියද පොලිසිය විසින් සොයාගෙන ඇති බවට වාර්තා වේ.

අත්අඩංගුවට ගත් අවුරුදු 28ත් 34ත් අතර වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා අද (13) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

Exit mobile version