බන්ධනාගාර නියාමකට වෙඩි තියන්න ගිය තුනක් අල්ලයි.

වැලිගම නගරයේදී ලංගම බස් රථයක් තුළ සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ට වෙඩි තැබීමට උත්සාහ කර යකඩ පොලු වලින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන තිදෙනෙකු රහස් පොලීසියේ මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 , 23 සහ 30 හැවිරිදි වියේ පසු වන වැලිගම ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් සැකකාර තිස් හැවිරිදි පුද්ගලයා ඇඟලුම් කම්හල් සේවකයෙක් බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සැකකරුවන් පරිහරණය කළ ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද රහස්  පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

Exit mobile version