අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ස්ථාන රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අද පස්වරු 1.00 සිට අද රාත්‍රී 11.30 තෙක් වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බදුල්ල, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
