ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 6 වැනි ජාත්‍යන්තර ජන සංගීත සහ නර්තන තර්ගාවලියේදී රටවල් 13 ක් අභිබවා හොඳම ප්‍රාසාංගික කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ “ තුන්හෙළ ජන ගී කල්ලිය “ ජයග්‍රහණය කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට ආවේණික වූ දේශීය නර්තන අංග , ජන ගී ගායනා සහ බෙර වාදන මෙම කණ්ඩායම විසින් ඉදිරිපත් කළ අතර කොළඹ – මාදිවෙල පසිදු කලායතනය සහ නාරාහේන්පිට පමෝදා කලායතනය නියෝජනය කරමින් අවුරුදු 03 සිට අවුරුදු 51 දක්වා නර්තන සහ ගායන ශිල්පීන් 36 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම තරගයට සහභාගී වී තිබේ.
මෙම කණ්ඩායම අද (11) අලුයම ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව සඳහන් වේ.
