මව් සෙනෙහස අහිමිව යලි හිමි වූ කොටි පැටවුන්.

මස්කෙළිය ග්ලැන්ටිල් වතුයායේ මවගෙන් වෙන්ව අතරමන්ව
සිටි මසක් පමණ වයසැති කදුකර කොටි පැටවුන් දෙදෙනකු එම වතුයායේ තරුණයන් විසින් වන ජිවි නිලධාරින්ට බාර දිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (18 ) දින මෙම කදුකර කොටි පැටවුන් දෙදෙනා එම වතුයායේ සිටිනු දැක එම වතුයායේ පිරිසක් ඒ බව නල්ලතන්නිය වන ජිවි නිලධාරින්ට දැනුම් දිමෙන් පසු වනජිවි නිලධාරින් පැමිණ එම කදුකර කොටි පැටවුන් දෙදෙනා එම කොටි මවට බාර දිමට පියවර ගත් බව සදහන්.

Exit mobile version