ටයිටන් සබ්මැරීනයේ තවත් සුන්බුන් සොයාගනී.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිරීක්ෂණය සදහා මුහුදු පතුලට ගමන් කිරීමේදී පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් බවට සැක කෙරෙන අස්ථි සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය පස්දෙනෙකු රැගත් ටයිටන් සබ්මැරීනය පුපුරා ගිය ගිය බවට වාර්තා වූයේ පසුගිය ජූනි මාසයේදීය.

විදෙස් මාධ්‍ය සදහන් කළේ ගොඩට ගෙන එන ලද ටයිටන් සබ්මැරීනයේ ඉතිරි අමතර කොටස් ඇමරිකාවේ වරායකට ගෙන ගිය බවයි.

එසේම සොයා ගත් අස්ථි කොටස් වෛද්‍ය පර්යේෂණ සදහා යොමු කර තිබෙන බවද සදහන්.

Exit mobile version