දෙමළ ජාතික සන්ධානය භාවිතා කරන්නේ අමුතු භාෂාවක්.

දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායක ආර්.සම්බන්ධන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යොමුකර ඇති නවතම ලිපියේ භාවිත කර ඇති වචන මාලාව ඛලිස්තාන් බෙදුම්වාදීන්ගේ භාෂාවට සමාන බව පවසමින් අලුතින් පිහිටුවන ලද තරුණ පක්ෂය වන නව ජනතා පෙරමුණ (NPF) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය දැන් භාවිත කරන වචන මාලාව කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ‘ඛලිස්තාන් බෙදුම්වාදීන්’ භාවිත කරන වචන මාලාවට බෙහෙවින් සමාන වන බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටුමක් නිර්මාණය කිරීම දෙමළ ජාතික සන්ධානයේ සම්ප්‍රදාය වී ඇති බවත්, ශ්‍රී ලාංකික නායකයකුගේ සංචාරයකට පෙර ඉන්දීය රාජ්‍ය නායකයන් සමඟ ලිපි හුවමාරු කිරීම එම පක්ෂයේ සිරිතක් බවත් NPF සිය ලිපියේ වැඩිදුරත් සඳහන් කර ඇති බව සඳහන් වේ.

Exit mobile version