හෙට අන්තරේ කොළඹට .

ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙට (10) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල තුනකට උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය ලබාදීමට විරෝධය පළ කිරීම සහ යෝජිත කම්කරු නීතිය, සේවක අර්ථසාධක අරමුදල සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධ කරුණුවලට එරෙහිව මෙම විරෝධතාව පවත්වන අතර මෙම විරෝධතාවට තවත් රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කිහිපයක් ද සහාය පළ කර ඇති බව සඳහන් .

Exit mobile version