විහාරාධිපති හිමිනමකගේ අඥාන ක්‍රියා පටිපාටිය හේතුවෙන් විශාල දරුවන් පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙන හේවාගම අභිනවාරාමය දහම් පාසල මේවනවිට වසා දමා ඇත.මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස හේවාගම දායක සභාව හා ගම්වාසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු බලධාරින්ට කෙතරම් පැමිණිලි කළත් ඒ සියළු පැමිණිලි විහාරාධිපති හිමිගේ සල්ලි බලයෙන් යටපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවලින් වරින් වර බුද්ධශාසන ඇමැතිවරයාටද දන්වා ඇතත් ඔහුද නිහඬ පිළිවෙතක් රකීයි.
හේවාගම ප්‍රදේශයේ දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන හේවාගම අභිනවාරාමයේ දහම් පාසල වසර 30 ක් වඩා පැරණි දහම් පාසලකි.
මෙම විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති හිමිගේ වැඩිමහල් ශිෂ්‍ය හිමියන් දහම් පාසලේ ආචාර්‍යවරියක් සමඟ කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් සඳහන් වේ. එමෙන්ම ස්වාමීන් වහන්සේ අදාළ ආචාර්‍යවරිය සමඟ නොයෙක් ස්ථානවල සංචාරයේ ගොස් ඇත.මේ සඳහා ගෝල හිමියන්ට හා දහම් පාසල් ගුරුවරියට සහය දක්වන්නේ විහාරාධිපති හිමිගේ රියැදුරු බව හේවාගම දායක සභාවේ ප්‍රකාශයකු අපගේ පුවත් සේවයට පැවසිය.
ගෝල හිමියන්ගේ හා දහම් පාසල් ගුරුවරියගේ අනාචාර හැසිරිම ගැන කිපුණු ප්‍රදේශවාසින් හා දරුවන්ගේ දෙමව්පියන් විසින් විහාරස්ථානය දෙවරක්ම වටලා උද්ඝෝෂණයක් ද කර තිබේ.එහිදි අඥාන විහාරාධිපති හිමියන් ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රදේශවාසින්ට බැන වදිමින් පවසා ඇත්තේ පන්සලේ ගොඩනැගිලි හැදුවේ තමන් නිසා වහාම පන්සලෙන් පිටව යන ලෙසය. ගෝලයාගේ අනාචාර හැසිරිම ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් විහාරාධිපති හිමියන් රියැදුරුගේ උපදෙස් පරිදි දහම් පාසල වසා දැම්මේය.
හේවාගම අභිනවාරාමයේ විහාරාධිපති හිමියන් නවගමුව පුරාණ පත්තිනි දේවාලය සහිත සුගතබිම්බාරාම පුරාණ විහාරායේද විහාරාධිපති ධුරය දරන අතර එම විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් මේවනවිට ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවති.ඒ අනුව පිරිසිදුව නවගමුවේ විහාරාධිපති ධුරය උන් වහන්සේට පාවිච්චි කළ නොහැකි වුවත් එම දේවාලයේ සියලු ආදායම් ලබන්නේ ව්හාරාධිපති ලෙස හදුන්වා ගන්නා හිමියන් බව හේවාගම දායක සභාව පවසයි.
නවගමුවේ දේවාලයෙන් මාසික ලැබෙන කෝටි ගණනක ආදායම විහාරාධිපති හිමියන් අයථා පරිහරණය කරන බව නවගමුව සුරැකිමේ සංවිධානය විසින් ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව පැමිණිලි කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් මේවනවිට පරික්ෂණ අරඹා ඇත.
නවගමුව දේවාලයෙන් ලැබෙන කෝටි ගණනක ආදායමෙන් විහාරාධිපති හිමියන් හේවාගම පන්සලේ සිටින සිය ගෝලයන් දෙදෙනාට KDH වාහන දෙකක් මිලදි ගෙන දි ඇත.ඊට අමතරව ඉන්ටකූලර් වාහන දෙකක්ද මිලදි ගෙන ඇති අතර ඊට අමතරව විහාරාධිපති හිමියන් මෑතකදි කෝටි ගණනක කාර් රථ දෙකක්ද මිලදි ගෙන ඇත. ගුරු හිමියන් මිලදි ගෙනදුන් කේඩිඑච් වාහනයෙන් ගෝල හිමියන් ගිහි ඇදුම් ඇඳගෙන දහම් පාසල් ගුරුවරිය සමඟ අනාචාර ගමන් බිමන් යන බව හේවාගම දායක සභාවේ ප්‍රකාශකයා පැවසිය.
නවගමුවේ මුදල් වලින් සුපිරි ජිවිතයක් ගතකරමින් සිය ගෝලයන් දෙදෙනාටද කාමභෝගි ජිවිත ගතකරන්නට ඉඩදි සිටින විහාරාධිපති හිමියන් මේවනවිට බැංකුවේ කෝටි 100ක පමණ ස්ථිර තැන්පත් දමාගෙන ඇති බවද හේවාගම වැසියෝ කියති.
මෑතකදි කාන්තාවන් දෙදෙනකු සමග සිටියදි ගම්වාසින් විසින් පහරදුන් සුමන හිමියන්ද මෙම විහාරාධිපති හිමිගේ සමීප හිතවතකු බවද පැවසේ.
නවගමුවේ මුදල්වලින් සිය ගෝලයන්ට කාන්තාවන් සමග විසිමට පහසුකම් සලසන විහාරාධිපති හිමියන්ට නවගමුවේ දහම් පාසලේ දරුවන්ට ඩෙස් පුටු නැතිබව දැන්වු විට ආධාර ්එකතුකර ඩෙස්පුටු සකසා ගන්නා ලෙස නවගමුවේ වැසියන්ට පවසා ඇතැයිද හේවාගම දායක සභාවේ ප්‍රකාශකයා පැවසිය.
මුරණඩු හා අඥාන පිලිවෙතක් අනුගමනය කරන හේවාගම විහාරාධිපති හිමියන් හා ගෝල හිමියන් පන්සලෙන් පන්නා දැමීමට මේවනවිට ප්‍රදේශවාසින් දිගින් දිගටම උද්ඝෝෂණ මාලාවක් පැවැත්විමට කටයුතු සංවිධානය කරමින් සිටින බවද හේවාගම දායක සභාවේ ප්‍රකාශකයා පැවසිය.
නවගමුවේ දේවාලයෙන් ලැබෙන මුදල්වලින් රුපියල් කෝටි 10ක් වාහන සේල් හිමියකුට පොලියට දීම ගැන චෝදනා එල්ලවුයේද නවගමුවේ හා හේවාගම පන්සල්වල විහාරාධිපති කම දරණ මෙම හිමියන්ටම බවද හේවගාම ජනතාව පවසයි.එම කොට් 10 ගැනිමෙන් පසු එම සේල් හිමියා රටින් පලාගොස් තිබිණ.ඒ අනුව මිනිස්සුන් පඬුරු වශයෙන් කැටවලට දමන මුදල්වලින් කෝටි 10ක් නිරපාරාදේ අහිමිව ගියබවද එම ප්‍රකාශයකයා වැඩිදුරටත් පැවසිය.
