මෙරට මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ ඊට දැඩි ලෙස ඇබ්බැහි වූ කාන්තාවන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
මේ වන තෙක් මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට රජයේ කිසිදු ආයතනයක් නොතිබීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබේ.
