ජලාශ පිටාර මට්ටමට.

මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇති බවට එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ජලාශ දෙකේම ජල ධාරිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, පවතින අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතිය හොත් එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බවත් ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version