ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 110 කඩුලු මතින් දිවීමේ අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ජනිදු ලක් විජය සමත් වූ බව වාර්තා වේ.
ඒ ඔහු සහභාගි වූ මූලික වටයේ තරගයෙන් දෙවන ස්ථානය හිමිකර ගනිමිනි.
අද (17) පස්වරුවේ ඔහු අවසන් තරගය සදහා සහභාගි වීමට නියමිත බව සදහන්.
