සාගරයේ වැදගත්කම සිහිගැන්වීම උදෙසා එක්සත් ජාතින් විසින් ප්‍රකාශයට පත්කළ ලෝක සාගර දිනය අදට යෙදී ඇත .
‘සාගර ලෝකය-රළ පහර වෙනස් වෙමින් පවතී .’ යන්න මෙවර තේමාවයි .
මිනිසාට සාගරයෙන් වන මෙහෙය හඳුනාගෙන සාගරය සුරකින ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදුවේ. ආශ්වාසිත ඔක්සිජන් වායුවෙන් 50% ක් නිපදවන්නේ සාගරය මගිනි.
ප්‍රාශ්වාස කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් 30% ක් පමණ සාගරය මගින් අවශෝෂණය කරනු ලබන්නේ ගෝලීය උණුසුම යම් අයුරකින් පාලනය කරමිනි. එමෙන්ම 2030 පමණ වන විට ලෝකවාසින් මිලියන 40ක් පමණ සාගර රැකියාවන්හි යෙදෙන බව ඇස්තමේන්තු කර ඇත .
සාගරය පෘථිවියේ පෙනහළු ලෙසත් ආහාර හා ඖෂධවල ප්‍රධාන මුලාශ්‍රයක් මෙන්ම ජෛවගෝලයේ වැදගත් කොටසක් ලෙසත් ජගත් සංවිධානය පෙන්වා දෙයි .
