තක්කාලි සහ බටු ගණන් උස්සයි.

එළඹෙන උත්සව සමයේ තක්කාලි සහ බටු කිලෝවක මිල ඊයේ (09) දින සිට ඉහළ ගොස් ඇති බවට හැටන් ප්‍රදේශයේ වෙළෙදුන් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

අනෙකුත් එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබියදී රුපියල් 150ට අලෙවි වූ තක්කාලි කිලෝවක් මේ වන විට රුපියල් 250 දක්වාත්,රුපියල් 200 මිලකට පැවති වම්බටු කිලෝවක් රුපියල් 350 දක්වාත් ඉහළ ගොස් තිබේ.

වෙළෙදුන් ප්‍රකාශ කර සිටින්නේ උත්සව සමයේ තක්කාලි සහ වම්බටු වලට වෙළෙදපොළේ පවතින ඉල්ලුම අනුව මෙහි මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

Exit mobile version