ඩුබායි රාජ්‍යයේ ගෘහසේවයට ගොස් විවිධ හිරිහැරවලට සහ ගැටලුවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව රැදවුම් මධ්‍යස්ථානයක රැදී සිටින ගෘහ සේවිකාවන් 42 දෙදෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පළමු කණ්ඩායම ලෙස 10 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පිටත් කර යවන බවට ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම පිරිස ලංකාවට එවීම ප්‍රමාද වූයේ ,ගුවන් ටිකට්පත්වල මිල අධික වීම හේතුවෙන් බව සදහන්.