කාසියේ වාසිය බංගලාදේශයට.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර එහි  කාසියේ වාසිය බංග්ලාදේශය කණ්ඩායමට හිමිවූ බව වාර්තා වේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම තරගය සඳහා නවක ක්‍රීඩක තන්සිඩ් හසන් තමීම් කැඳවීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කර ඇති අතර ඔහු ආරම්භක පිතිකරුවෙකි.

පල්ලේකැලේ ක්‍රීඩා පිටිය අවට වැසිබර කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

Exit mobile version