කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට සීමා.

කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ .

කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික අසළ පෙරහැර අද (05) රාත්‍රියේ එම දේවාලය අසලින් ආරම්භ වී වැන්දල විහාරස්ථානය දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ විථි සංචාරය කිරීමට නියමිතව තිබේ .ඒ හේතුවෙන් අද (05) රාත්‍රී 09.00 සිට හෙට (06) අලුයම 03.00 දක්වා කාලය තුළ පෙරහැර නැරඹීට පැමිණෙන ජනතාව හා එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන්, කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ යම් මාර්ග අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් .

භාවිතා කළ හැකි විකල්ප මාර්ග ,

අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල සිට කෑගල්ල දක්වාත් , කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල, පනාපිටිය, පරුස්සැල්ල හරහා යටියන්තොට හැටන් දක්වාත් ගමන් කළ හැකි බව වාර්තා වේ .

Exit mobile version