කඩුවෙල සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වේ.
පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (02) රාත්‍රී 8 සිට හෙට (03) අලුයම 3 දක්වා පැවැත්වෙන බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර නව නුවර මාර්ගය ඔස්සේ (177 මාර්ගයේ) මාලඹේ දෙසට ගොස් කොතලාවල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට පැමිණ, රාජසිංහ මාවත ඔස්සේ, කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට (143 මාර්ගය) පිවිස හේවාගම අධිවේගී මාර්ග පිවිසුම අසල සිට කඩුවෙල මංසන්ධිය දක්වාද පැමිණ, දකුණට හැරී මාලඹේ දෙසට ගමන් කර යළි විහාරස්ථානයට ගමන් කරන බව සදහන්.
පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ ඉහළ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දී තිබේ.