හබරාදුව පොලිස් වසමේ මාගල්තොට දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයක් දුම්රියේ ගැටී අද (16) දහවල් සිදු වූ අනතුරින් මියගිය දෙදෙනා පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් කල අහංගම ප්‍රදේශයේ අවුරුදු 35ක පිරිමි පුද්ගලයකු හා 80 හැවිරිදි කාන්තාවක මරණයට පත් වූ අතර ඔවුන් මුණුබුරා සහ මිත්තණිය බවට තොරතුරු අනාවරණය වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරන අතර මෘත දේහය කරාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
