ග්‍රේට්වෙස්ටන් ආසන්නයේ දුම්රිය පීලිපැනීමක් සිදුව ඇති බවට වාර්තා වේ.
එම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් නානුඔය අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබේ.
