දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොලගේ මහතා විසින් සදහන් කර ඇත්තේ අද (08) දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය කාල සටහන් පරිදි ක්‍රියාත්මක බවත් ඒ සදහා අවශ්‍යතරම් දුම්රිය සේවකයින් සේවයට වාර්තා කර ඇති බවත්ය.
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර ඇත්තේ පිට පලාත්වල සිට කොළඹ පැමිනෙන් මහජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවන් ක්‍රියාත්මක බවයි.
තවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සදහන් කර ඇත්තේ කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අධිවේගී මාර්ගවලද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කොට ඇති බවයි.
